Gossips

පියාගේ අතින් කෙළවර වූ පුතාගේ ජීවිතය

වෙන්නප්පුව – දකුණු කඩවත – උල්හිටියාව ප්‍රදේශයේ දී පියෙකු විසින් සිය පුත්‍රයාට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කිරීමේ පුවතක් හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.
ඊයේ (12) රාත්‍රියේ ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ 30 හැවිරිදි විවාහක පුද්ගලයෙකු වන අතර, පියා බීමතින් පැමිණි පසු මෙම ආරවුල හටගෙන ඇතැයි ද පොලීසිය සඳහන් කළා.
ඝාතනය සම්බන්ධයෙන් 53 හැවිරිදි සැකකාර පියා පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වෙන්නප්පුව පොලිසිය පරික්ෂණ පවත්වනු ලබනවා.