මහනුවර – තෙල්දෙණිය ප්‍රදේශයේදී ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය වැළැක්වීමට ආණ්ඩුව ප්‍රමාණවත් පියවර ගෙන නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව කියා සිටියා.
මේ මොහොත වන විටත් ආණ්ඩුව නිසි ක්‍රියාමාර්ග ගෙන නොමැති බවයි ඔහු කියා සිටියේ.
එමෙන්ම එවැනි ක්‍රියාමාර්ගයකට ආණ්ඩුව අවතීර්ණ වීමට සූදානමක් නොමැති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
