Gossips

පිබිදෙමු පොළොන්නරුව සංවර්ධන ව්‍යාපෘතියේ ව්‍යාපෘති කිහිපයක් ජනපති සුරතින් විවෘතවෙයි

'පිබිදෙමු පොළොන්නරුව' සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉදිකෙරුණු ව්‍යාපෘති කිහිපයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද (06) විවෘත කෙරුණා.
පිබිදෙමු පොළොන්නරුව සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ප්‍රතිසංස්කරණය කෙරුණු මින්නේරිය වැවේ දේවාලයේ මින්නේරි දෙවියන්ගේ ප්‍රතිමාව අද පෙරවරුවේ නිරාවරණය කෙරුණේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්.
ප්‍රතිමාව ඉදිකිරීම සඳහා ශ්‍රම දායකත්වය ලබාදුන් ගුවන් හමුදා නිලධාරීන් වෙත ජනාධිපතිවරයා සමරු තිළිණ පිළිගනුවනු ලැබූ අතර ගුවන් හමුදාපතිවරයා විසින් ද ජනාධිපතිවරයාට සමරු තිළිණයක් පිළිගන්වනු ලැබුවා.
මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පොළොන්නරුව ඉසිපතන ළමා උද්‍යානය විවෘත කිරීමේ අවස්ථාවට එක් වුණා.