Gossips

පිබිදෙමු පොළොන්නරුව ව්‍යාපෘති ජනගත කිරීම ඇරඹෙයි

වත්මන් සංවර්ධන වැඩපිළිවෙල රටේ ජනතාවගේ සුබසාධනය සඳහා මිස දේශපාලනඥයන්ගේ සාක්කු පුරවා ගැනීමට නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කරනවා.
පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ ව්‍යාපෘති 180 ක් ජනගත කිරීමේ අවස්ථාව ආරම්භ කිරීමට අද පස්වරුවේ එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව කියාසිටියේ.
2015 ජනවාරි 8 වනදා පරිවර්තනය තුලින් මෙරට පොඩි මිනිසුන් අපේක්ෂා කළ සංවර්ධනයේ ප්‍රතිලාභ ලබාදීමේ වැඩපිළිවෙල රජය මේ වන විට ක්‍රියාවට නංවමින් පවතින බව ද ජනාධිපතිවරයා කියාසිටියා.
ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කළ නිදහස් සමාජයක සතුටින් ජීවත්වීමට ජනතාව තැබූ විශ්වාසය එලෙසම ඉටු කිරීමට දිවි හිමියෙන් කැපවන බවයි මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කළේ.
දුෂණයට, වංචාවට සහ නාස්තියට විරුද්ධ අයෙක් ලෙස වත්මන් සංවර්ධන වැඩපිළිවෙලේදී කිසිදු අක්‍රමිකතාවකට ඉඩ තබා නොමැති අතර ජනතාවගේ සම්පත් ජනතාවගේම සුබසාධනය සඳහා යෙදවීම ප්‍රතිපත්තියක් කොට සලකන බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියාසිටියා.