Gossips

පිබිදෙමු පොළොන්නරුව ව්‍යාපෘතීන් 180 ක් ජනතා අයිිතියට පත් කිරීම ඇරඹේ

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිබිදෙමු පොළොන්නරුව ව්‍යාපෘතිය යටතේ වැඩ අවසන් කර ඇති තවත් සංවර්ධන ව්‍යාපෘතින් 180ක් ජනතා අයිතියට පත් කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද (01) පෙරවරුවේ ආරම්භ වුණා.
අද සිට දින 03 ක් මෙම ව්‍යාපෘති ජනතා අයිතියට පත් කිරීම, සිදුකෙරෙන අතර, මෙම ව්‍යාපෘතිය යටතේ සිදුකෙරෙන සංවර්ධන කටයුතු සදහා වෙන් කර ඇති මුදල රුපියල් කෝටි 6000 ක්.
ඒ අනුව මැදිරිගිරිය නව බස් නැවතුම්පොළ, මැදිරිගිරිය සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රාථමික විද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ල, හිඟුරක්ගොඩ දිස්ත්‍රික් රෝහලේ සංවර්ධන ව්‍යාපෘති ජනතා අයිතියට පත් කිරීම ද ජනාධිපතිවරයා අතින් සිදුකෙරෙනවා.