Gossips

පිබිදෙමු පොළොන්නරුව තවත් ව්‍යාපෘති 60ක් ජනතා අයිතියට

පිබිදෙමු පොළොන්නරුව ව්‍යාපෘතිය යටතේ අද දිනයේ සංවර්ධන ව්‍යපෘති 60 ක් ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි.
ඒ අනුව අද පෙරවරුවේ පොළොන්නරුව නව නගරයේ ඇවිදින මංතීරුව විවෘත කිරීම, රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩාංගණය සිසු අයිතියට පැවරීම, අරලගංවිල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විවෘත කිරීම, විලයාය ප්‍රාථමික විද්‍යාලයේ නව දෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරීම සහ විලයාය මධ්‍ය මහා විද්‍යාලයේ තෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් සිදුවුණා.
රුපියල් කෝටි 6000 ක් වැය කරමින් දියත් කළ සංවර්ධන ව්‍යාපෘති 180ක් ජනතා අයිතියට පත් කිරීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූයේ ඊයේ දිනයේයි.
ඒ අනුව එදින සංවර්ධන ව්‍යාපෘතීන් 60 ක් ජනතා අයිතියට පත් කෙරුණු අතර, හෙට දිනයේද තවත් සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ජනාධිපතිවරයා අතින් විවෘත කිරීමට නියමිතයි.