Gossips

පින්නවල අලි අනාථාගාරයේ සංචාරක ආකර්ෂණය අඩුවන ලකුණු

පින්නවල අලි අනාථාගාරයේ ජනතා ආකර්ශනය ක්‍රමයෙන් තොර වන බවට එහි සංචාරය කළ බොහෝ දෙනෙකු හිරු සී.අයි.ඒ වෙත තොරතුරු ලබාදුන්නා.
එම තොරතුරුවල සත්‍ය අසත්‍යතාව සොයා හිරු සී.අයි.ඒ එහි සංචාරයක නිරත වුණා.
අද අනාවරණය ඒ පිළිබඳවයි.
විවිධ හේතූන් මත වනාන්තර තුල තනි වන අලි ඇතුන්ගේ උන්නතිය උදෙසා දිවංගත පී.බී කළුගල්ල මහතාගේ සංකල්පයක් මත පින්නවල අලි අනාථාගාරය ස්ථාපිත කරන්නේ 1975 වසරේදී.
මෑතක් වනතුරු දෙස් විදෙස් සංචාරකයන්ගේ නොමද ආකර්ශනය ලද පින්නවල අලි අනාථාගාරය බලධාරීන්ගේ අවශ්‍යතාව මත ක්‍රම ක්‍රමයෙන් ජනතා ප්‍රසාදයෙන් තොර ස්ථානයක් බවට පත්කරමින් පවතින බවට හිරු සී.අයි.ඒ වෙත තොරතුරු වාර්තා වුණා.
අලි අනාථාගාරයට ඇතුල්වීම සදහා විදේශීකයෙකුගෙන් අයකරනා මුදල රුපියල් 2500 ක්.
එවන් මුදලක් වැය කර ප්‍රවේශ පත්‍රය ලබා ගත්ත ද එහි මුල්ම මෙන්ම ප්‍රධාන අංගයක් වන අලි පැටවුන්ට කිරි පෙවීම දැක බලාගැනීමට සංචාරකයන්ට නොහැකිව ඇත්තේ මේ වනවිට කිරි බොන වයසේ එනම් වයස අවුරුදු 05 ට අඩු අලි පැටවුන් පින්නවල නොමැතිවීම හේතුවෙන්.
මේ නිසා සංචාරකයන් නොමගයැවීම සදහා වයස අවුරුදු 05 ට වැඩි අලියෙකුට මෙතෙක් කලක් කිරි පෙවීම සිදුකළ අතර මේ වනවිට එම සත්වයා ද රෝගී වී සිටින බවයි මෙහි සේවකයින් පවසන්නේ.