Gossips

පින්නදූව පිරවුම්හලක් කොල්ල කයි

ගාල්ල – පින්නදූව නගරයේ පිහිටි ඉන්ධන පිරවුම්හලකින් යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ගිනි අවි පෙන්වා මුදල් කොල්ලකා පලාගොස් තිබෙනවා.
ෆුල්ෆේස් හෙල්මට් පැළඳ ඊයේ රාත්‍රියේ මොවුන් පැමිණ ඇත්තේ අංක තහඩු රහිත යතුරුපැදියකින් බවටයි අනාවරණ වී ඇත්තේ.
රාත්‍රී 9.15 ට පමණ පිරවුම්හලෙන් ඉන්ධන ලබාගන්නා මුවාවෙන් සැකකරුවන් පැමිණ ඇති අතර, පසුව එහි පොම්පකරු බියවද්දා අහසට වෙඩි තබමින් මෙම කොල්ලය සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
කොල්ලකරුවන් පොම්පකරු අත තිබූ රුපියල් 32,000 කට අධික මුදලක්ද පැහැරගෙන ගොස් තිබෙනවා.