කෑගල්ල – පින්දෙණිය ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් කාන්තාවක් තුවාල ලබා තිබෙනවා.
ඊයේ පස්වරු 3.20 ට පමණ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු මෙම කාන්තාවට වෙඩි තබා පලාගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ 64 හැවිරිදි පින්දෙණිය – කොටියාකුඹුර ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.
