ඓතිහාසික සීගිරිය – පිදුරංගල රජමහා විහාරස්ථානයේ පිදුරංගල ගල මත සිට තරුණ තරුණියන් අඩ නිරුවත් ඡායාරූප ලබාගෙන සමාජ මාධ්‍යයට මුදා හැරීම සම්බන්ධයෙන් මේ වන විට කතාබහට ලක්වන කරුණක්.
පිදුරංගල, සීගිරිය බලකොටුවක් ලෙස පැවති සමයේ එහි සිටි රහතුන් වහන්සේලාට වැඩ සිටීමට ආරාම සකසා පූජා කළ ඓතිහාසික ස්ථානයක් බවටයි පුරාවිද්‍යා බලධාරීන් පෙන්වා දෙන්නේ.
එමෙන්ම පිදුරංගල යනු මහා වංශය ලියූ මහානාම හිමියන් වැඩ විසූ පුරාණ දික්සඳ සෙනෙවියා පිරිවෙන බවට ද ජනප්‍රවාද පවතිනවා.
කෙසේ වෙතත්, පිදුරංගල රාජමහා විහාරයට සහ එම ස්ථානයට අපහාස වන අයුරින් අශෝභන ලෙස ඡායාරූප පළ කිරීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කළ යුතු බවටයි පිදුරංගල රාජමහා විහාරාස්ථානයේ විහාරාධිපති ආචාර්ය පූජ්‍ය ධානියාගම ආනන්ද හිමියන් සඳහන් කළේ.
මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදුකළ යුතු බව සිංහලේ අපි ජාතික සංවිධානයේ සභාපති පූජ්‍ය ජඹුරේවෙල චන්ද්‍රරතන හිමියන්ද ප්‍රකාශ කළා.