ඓතිහාසික පිදුරංගල පර්වතය මත සිට අඩ නිරුවත් ඡායාරූප ගෙන සමාජ මාධ්‍ය වෙත මුදා හැරිමේ සිද්ධියට අදාළව තරුණයන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය ප්‍රකාශ කළා.
ඉන්දෙදෙනෙකු ඡායාරූප සඳහා පෙනී සිට ඇති අතර, අනෙක් තරුණයා ඡායාරූප ලබාගත් පුද්ගලයායි.
ගලේවෙල ප්‍රදේශයේ පදිංචි ඔවුන් කුරුණෑගල ප්‍රධාන පෙළේ පාසලක ඉගෙනුම ලබා ඇති අතර, පසුගිය අගෝස්තු මාසයේදී උසස් පෙළ විභාගයට පෙනී සිට තිබෙනවා.
ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින අතරතුරයි ඔවුන් පිදුරංගල චාරිකාවට එක්වී ඇත්තේ.
අත්අඩංගුවට ගත් තරුණයින් හෙට අධිකරණයට ඉදිරිපත් කරන බව සීගිරිය පොලීසිය සඳහන් කළා.
