ඓතිහාසික පිදුරංගල පර්වතය මත සිට අඩ නිරුවත් ඡායාරූප ගෙන සමාජ මාධ්‍යයට මුදාහැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයින් තුන්දෙනා වරද පිළිගැනීමෙන් අනතුරුව තරයේ අවවාද කොට මුදා හැර තිබෙනවා.
ඒ ඊට අදාළ නඩුව අද දඹුල්ල මහේස්ත්‍රාත් කෝසල බණ්ඩාර ඉලංගසිංහ හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.
එහිදී ඡායාරූපයට පෙනී සිටි තරුණයින් දෙදෙනාට රුපියල් 1500 බැගින් රජයේ ගාස්තුවක් ගෙවන ලෙසට මහේස්ත්‍රාත්වරයා නිියෝග කළා.
එමෙන්ම, ඡායාරූපය ලබා ගත් තරුණයාට තරයේ අවවාද කොට මුදා හැරීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ.
නඩුවේ තීන්දුව ලබාදෙමින් මහේස්ත්‍රාත්වරයා මෙහිදී කියා සිටියේ තරුණයින්ගේ අනාගතය පිළිබඳව සැලකිල්ලට ගෙන මෙම තීන්දුව ලබාදුන් බවයි.
පිදුරංගල පර්වතය මත සිට අඩ නිරුවත් ඡායාරූප ගෙන අන්තර්ජාලයට මුදාහැරීම සම්බන්ධයෙන් මොවුන් දඹුල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 26 වනදායි.
