Gossips

පිතිකරුට වාසනාව ගෙන ආ මී මැස්සා

ඕස්ට්‍රේලියාව සමඟ ජොහැන්නස්බර්ග් හි පැවැත්වෙන සිවු වන ටෙස්ට් තරඟයේ දෙවන දිනයේදී මී මැස්සෙක් නිසා දකුණු අප්‍රිකාවට කඩුල්ලක් ලබා ගැනීමට තිබු අවස්ථාවක් අහිමිව ගියා.
කේෂව් මහරාජ් යැවූ පන්දුවකට ෂෝන් මාෂ් ස්ටම්ප් කිරීමේ අවස්ථාවක් කඩුලු රකින ක්‍රීඩක ක්වින්ටන් ඩිකොක් හට හිමිවුවත් ඔහුට එය සාර්ථක කර ගැනීමට නොහැකි වුනේ ඔහුගේ අතට මී මැස්සෙක් දෂ්ට කිරීම හේතුවෙන්.
දෙරට අතර පැවැත්වෙන සිව් වන ටෙස්ට් තරඟයේ හතරවන දිනය අවසන් වන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටින ඕස්ට්‍රේලියාව කඩුලු 03කට ලකුණු 88ක් රැස් කරගෙන සිටියා.
තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාව ලකුණු 488ක් රැස් කළ අතර පළමු ඉනිම වෙනුවෙන් ඕස්ට්‍රේලියාවට සියල්ලන් දැවී රැස් කිරීමට හැකි වුයේ ලකුණු 221ක් පමණයි.
දෙවන ඉනිම වෙනුවෙන් දකුණු අප්‍රිකාව කඩුලු 06ක් දැවී ලකුණු 344ක් රැස් කරගෙන සිටියදී ඉනිම අත්හිටු වීමට තීරණය කළා.
ඒ අනුව සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන ඕස්ට්‍රේලියාව කදුලු 07ක් අතැතිව තවත් ලකුණු 524ක් පිටුපසින් සිටිනවා.
තරඟයේ අවසන් දිනය අදයි.
ක්වින්ටන් ඩිකොක්ගේ අතට මී මැස්සා දෂ්ට කරන අවසථාව පහතින්.