Gossips

පිට පිට 9 වන වරටත්, දකුණු අප්‍රිකාවට එරෙහිව එක්දින පරාජයක්

ශ්‍රී ලංකාවට එරෙහි එක්දින තරගාවලියේ පළමු තරඟය, කඩුලූ 5කින් ජය ගැනීමට දකුණු අප්‍රිකාව අද සමත් වුණා.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 34යි පන්දු 3ක් අවසානයේදී සියළු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 193ක් පමණයි.
ශ්‍රී ලංකා ඉනිමේ මුළු ලකුණු සංඛ්‍යාව 36ක්ව තිබියදී මුල්පෙළ පිතිකරුවන් 05දෙනාම ක්‍රීඩාගාරයට යැවීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් සමත්වුණා.
බිඳ වැටුණු ශ්‍රී ලංකා ඉනිම ගොඩ ගැනීම සඳහා තිසර පෙරේරා සහ කුසල් ජනිත් 6 වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 92ක් එක් කළා.
තිසර පෙරේරා ලකුණු 49කට දැවී යාමෙන් පසු කණ්ඩායමේ බර කරට ගත් කුසල් දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්ට එරෙහිව සිය 10 වන අර්ධ ශතකය රැස් කළා. කුසල් ජනිත් ලකුණු 81යි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානුවන් පන්දු වාර 31කදී කඩුලූ 5ක් දැවී ලකුණු 196ක් ලබා ගනිමින් ජයග්‍රාහී සීමාව පසු කර ගියා.
ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාව හමුවේ නොකඩාව ලද 9 වන එක්දින තරඟ පරාජය මෙය වනවා.