සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිළ සමඟ කරච්චියේ දී ඊයේ (02) පැවැති දෙවන විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟයෙන් ද ලකුණු 82ක ජයග්‍රහණයක් ලැබීමට පාකිස්තානය සමත් වුණා.
කාසියේ වාසිය දිනා, පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්තානය සිය පන්දු වාර 20 තුළ දී කඩුලු 03ක් දැවී ලකුණු 205ක් රැස් කළා.
බාබර් අසාම් එහිදී පන්දු 58කට මුහුණ දී ලකුණු 97ක් රැස් කිරීමට සමත් වුණා.
පිළිතුරු වශයෙන් බටහිර ඉන්දීය කොදෙව් පිළට පන්දු වාර 19යි පන්දු දෙකකදී සියලු ක්‍රීඩකයන් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 123ක් පමණයි.
මොහොමඩ් අමීර් ලකුණු 22කට කඩුලු 3යි.
මෙම ජයග්‍රහණයත් සමඟ තරඟ 03කින් යුත් විස්සයි විස්ස තරඟාවලියේ දෙකට බින්දුවක් ලෙස ඉදිරියෙන් සිටින්නේ පාකිස්තානයයි.
තරඟයේ කඩුලු දැවී ගිය ආකාරය පහතින්.