Gossips

පිට අයට ඇතුළුවීම තහනම් තැන සිදුවූ අපිරිසිදු දේ

ජනතාවට අපිරිසිදු ආහාර අලෙවිකරන බොහෝ ආපන ශාලාවල මෙම වැකිය ප්‍රදර්ශනය කර ඇත්තේ මුළුතැන්ගෙට ඇතුළුවන ස්ථානයේයි.
අපිරිසිදු ආකාරයෙන් පවත්වාගෙන ගිය දඹුල්ල නගර මධ්‍යයේ ඇති මෙම ආපන ශාලාව සතියක පමණ කාලයක් මහනගර සභාවේ සෞඛ්‍ය ඒකකය අධිකරණයට කරුණු දැක්වීම මත වසා දැමුණා.
ඉන් අනතුරුව ද යළිත්වරක් එම ආපන ශාලාව විවෘත කර පවත්වාගෙන ගියද, එය නැවතත් අපිරිසිදුව පවත්වාගෙන යාම පිළිබඳව ජනතාව සිදුකළ දැනුම්දීම මත හිරු සී.අයි.ඒ.කණ්ඩායම මෙහි ළගාවුණේ දඹුල්ල නගරාධිපතිවරයාගේ අවසරය මතයි.
අප මෙම ස්ථානයට සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් කැදවනු ලැබුවේ නැවත නැවතත් එකම වරද සිදුකරමින් ජනතාවට අපිරිසිදු ආහාර ලබාදෙන මොවුන්ව යළිත් නීතිය ඉදිරියට ගෙනයාම සදහායි.