Gossips

පිටුවහල් කෙරුණු මධුෂ්ගේ ඥාති සොහොයුරෙකු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට

ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කිරීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගනු ලැබූ පාතල නායක මාකඳුරේ මධුෂ්ගේ ඥාති සොහොයුරෙකු වන නිලාන් රොමේෂ් සමරසිංහ නැමැත්තා අද උදෑසන මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.
ඩුබායි රාජ්‍යයෙන් ඊයේ පිටුවහල් කිරීමෙන් පසු ඔහු ඇතුලූ තවත් 5 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත් අතර, ඉන් එක් අයෙකු පසුව කොළඹ අපරාධ කොට්ඨාශය වෙත බාර දෙනු ලැබුවා.
මේ අතර පාතාල නායක මාකඳුරේ මධුෂ් සමඟ ඩුබායිහිදී අත්අඩංගුවට ගත් තවත් දෙදෙනෙකු මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගනු ලැබුවේ අද අළුයමයි.