Gossips

පිටුවහල් කළ සිද්ධික්ගේ සහයකයින්ගෙන්, මාධ්‍යවේදියෙකුට ප්‍රහාරයක්

පාතාල නායක මාකඳුරේ මධූෂ් සමඟ ඩුබායි හි අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කිරීමෙන් පසු ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගනු ලැබූ දෙදෙනාගෙන් එක් අයෙකු අද අලුයම මුදා හැර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ මොහොමඞ් සිද්ධික් මොහොමඞ් සියාම් නැමති පුද්ගලයා මෙලෙස මුදා හැර ඇති බවයි.
කෙසේ වෙතත්, ඔහු සමඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගනු ලැබූ මාකඳුරේ මධුෂ්ගේ මිතුරෙකු බව පැවසෙන ලංකා සජිත් පෙරේරාගෙන් එම දෙපාර්තමේන්තුව තවදුරටත් ප්‍රශ්න කරමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.
මේ අතර, අද අලුයම මුදා හැරුණු මොහොමඞ් සිද්ධික් මොහොමඞ් සියාම් නැමැත්තාගේ සහයකයින් පිරිසක් එම අවස්ථාව ආවරණය කිරීමට පැමිණි මාධ්‍යවේදියෙකුට පහර තිබෙනවා.
මේ නිසා ඔහුගේ කැමරා උපකරණ වලට හානි සිදුව ඇති අතර එම මාධ්‍යවේදියා මේ සම්බන්ධයෙන් පසුව කටුනායක ගුවන් තොටුපළ පොලීසිය වෙත පැමිණිල්ලක් ගොනු කරනු ලැබුවා.
මොහොමඞ් සිද්ධික්ගේ නීතිඥවරයා වන අතුල මල්වත්තගේ ද ගුවන් තොටුපළට පැමිණ සිටි අතර, මේ පිළිබදව මාධ්‍යවේදීන් ඔහුගෙන් ප්‍රශ්න කළා.
අප මේ පිළිබදව ගුවන් තොටුපළ පොලීසියෙන් කළ කරුණු විමසීමකදී එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ පහරදීමට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට සී.සී.ටී.වී. දර්ශන අධ්‍යයනය කරමින් සිටින බවයි.

rnrnrn