Gossips

පිටුවහල් කළ ලංකා සජිත් පෙරේරාට ඇප

පාතාල නායක මාකඳුරේ මධූෂ් සමඟ ඩුබායි හි අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කිරීමෙන් පසුව පොලිස් භාරයට ගනු ලැබූ ලංකා සජිත් පෙරේරා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර තිබෙනවා.
මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය සැකකරුට අද නියෝග කළේ පුද්ගලයෙකු ආයුධ පෙන්වා බිය ගැන්වීම සම්බන්ධයෙන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අදාළව ඔහුට වරෙන්තු නිකුත් කර ඇති බැවින් හෙට දිනයේ එහි පෙනී සිටින ලෙසයි.