Gossips

පිටුවහල් කල නදිමාල්ගෙන් සහ බන්ධනාගාර නියාමකගෙන් සී.අයි.ඩී. ය ප්‍රශ්න කරයි

ඩුබායි අත්අඩංගුවේ සිට, පිටුවහල් කිරීමෙන් පසු දිවයිනට පැමිණි ගායක අමල් පෙරේරාගේ පුත් නදිමාල් පෙරේරා සහ බන්ධනාගාර නියාමකවරයාගෙන් වැඩිදුරටත් ප්‍රශ්න තවදුරටත් සිදුකෙරෙමින් පවතිනවා.
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඒකාබද්ධවයි. පිටුවහල් කිරීමෙන් පසු මොවුන් අද උදෑසන දිවයිනට පැමිණියේ ෆ්ලයි ඩුබායි ගුවන් සේවයට අයත් යානයකින්.
පසුව, ආගමන විගමන නිලධාරින් භාරයට ගැණුනු ඔවුන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගුවන්තොටුපල ඒකකයට භාර දෙනු ලැබුවා.
ජනප්‍රිය ගායක අමල් පෙරේරාගේ පුත් 24 හැවිරිදි සංජු ගීත් නදිමාල් පෙරේරා සමගින් මෙලෙස පිටුවහල් කර තිබුණේ ඩුබායි හි අත්අඩංගුවේ සිටි 52 හැවිරිදි කෝදාගොඩ ආරච්චිගේ ලලිත් කුමාර නමැති බන්ධනාගාර නියාමකවරයායි.
පාතාල නායක මාකඳුරේ මධූෂ්,ගායක අමල් පෙරේරා සහ ඔහුගේ පුත්‍රයා ඇතුලු පිරිස ඩුබායි පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය පෙබරවාරි 5 වනදායි.
ඔවුන් පෙබරවාරි 3 වනදා දිවයිනෙන් පිටත්ව ගොස් තිබූ අතර, ඩුබායිහි තරු පන්තියේ හෝටලයක පැවති සාදයක් අතරතුර, ඔවුන් මෙලෙස අත්අඩංගුවට පත් වුණා.
අනතුරුව, ඔවුන් ඩුබායි අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර, අවසන් වරට අධිකරණය ඉදිරිපත් කෙරුණු පසුගිය 14 වනදා නියෝග කෙරුණේ පාතාල නායක මධූෂ් මෙන්ම, ජනප්‍රිය ගායක අමල් සහ ඔහුගේ පුත් නදිමාල් ඇතුළු පිරිස හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි.
කෙසේ වෙතත්, නදිමාල් පෙරේරා සහ ඔහු සමඟ අත්අඩංගුවට ගැණුනු 52 හැවිරිදි ලලිත් කුමාර නමැති බන්ධනාගාර නියාමකවරයා ඊයේ දිනයේදී ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර සඳහන් කළා.
මේ අතර, නදිමාල් පෙරේරා හමුවීම සඳහා ඔහු සහ ගායක අමල් පෙරේරා වෙනුවෙන් ඩුබායි රාජ්‍ය වෙත ගිය නීතිඥ උදුල් ප්‍රේමරත්න, කටුනායක ගුවන්තොටුපල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකය වෙත ගොස් තිබෙනවා.rnrn