Gossips

පිටි මිලෙන් අසරණ වූ ජනතාව ගැන සොයන්න, ආණ්ඩුවෙන් කමිටුවක්

පිටි මිල රුපියල් 5කින් වැඩි වීමත් සමඟ වතුකරයේ ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිනවා.
ඒ, ඔවුන්ගේ ආහාර වේල් තුනම බොහෝ විට පාන් පිටිවලින් සකස් කර ගැනීම හේතුවෙන්.
කෙසේ වෙතත්, පිටි මිල වැඩි වීමෙන් අපහසුතාවට පත්වූ වතුකරයේ ජනතාව පිළිබද සොයා බලා ඔවුන්ට සහනයක් සැලසීමට ආණ්ඩුවෙන් කමිටුවක් පත් කර තිබෙනවා.
පිටි මිල රුපියල් 5කින් වැඩිවීමත් සමඟ පාන් ගෙඩියක මිල ද රුපියල් 5කින් ඉහළ දැමීමටයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ඊයේ (03) තීරණය කළේ.