දශක දෙකකට ආසන්න කාලයක් ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩා කල සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක යුවරාජ් සිං ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීම පිලිබදව ඉන්දීය මාධ්‍ය සමග අදහස් පල කර තිබෙනවා.
ඔහු පවසන්නේ 2019 ලෝක කුසලානයෙන් පසු තමන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන බවයි.
2019 තමන් ක්‍රීඩා කරන අවසන් වසර වනු ඇති බවයි යුවරාජ් පවසන්නේ.
2000 වසරේදී ජාත්‍යන්තර ක්‍රිකට් වරම් දිනාගත් යුවරාජ් පිළිකා රෝගයකට ගොදුරු වූ අතර එය පරදවමින් යලි ක්‍රිකට් පිටියට පිවිසීමට සමත්වුනා.
යුවරාජ් ටෙස්ට් තරඟ 40කදී, එක්දින තරඟ 304කදී සහ විස්සයි විස්ස තරඟ 58කදී ඉන්දියාව නියෝජනය කල අතර ඉන්දියාව ජයගත් 2011 ලෝක කුසලානයේ තරඟාවලියේ වීරයා සම්මානයද දිනාගත්තේ ඔහු විසින්.
මේ අතර ලෝකයේම අවධානය මෙම ප්‍රවේගකාරී පිතිකරු වෙත යොමුවූයේ ඔහු 2007 වසරේ පැවති විස්සයි විස්ස තරඟයකදී දැවැන්ත හයේ පහර හයක් එල්ලකිරීමත් සමඟයි.
එම අවස්ථාව පහතින්.