Gossips

පිටිගල නිවසක සැක කටයුතු මරණයක්

පිටිගල මැදපුස්සගොඩ ප්‍රදේශයේ නිවසක ලේ ගලන තුවාල සහිතව පුද්ගලයෙකු මියගොස් සිටීම පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
අද උදෑසන 8.40 ට පමණ පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුනු තොරතුරකට අනුව සිදුකළ පරීක්ෂණයකදී සිරුර සොයාගෙන ඇතැයි සඳහන්.
මියගොස් ඇත්තේ මැදපුස්සගොඩ ජනසවි මාවත ප්‍රදේශයේ පදිංචිව සිටි 42 හැවිරිදි අයෙක්.
ඔහු ඊයේ රාත්‍රී කාලයේ නිවසේ තනිව සිටියදී මෙලෙස මියගොස් තිබෙනවා.
මරණය සම්බන්ධයෙන් ඇල්පිටිය වැඩබලන මහේස්ත්‍රාත්වරිය විසින් මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතයි.
මෙය ඝාතනයක් බවට සැක කෙරෙන අතර පිටිගල පොලිසිය විමර්ශණ මෙහෙයවනවා.