පිටකොටුව – කුමාර මාවත ප්‍රදේශයේ ගොඩනැගිල්ලක අද පස්වරුවේ හට ගත් ගින්න මැඬ පවත්වා තිබෙනවා.
ගින්න මැඬ පැවැත්වීමට ගිනි නිවීමේ රථ 6 ක් පමණ යොදා ගත් බවයි කොළඹ ගිනි නිවන ඒකකය සඳහන් කළේ.
කොළඹ – ඕලන්ද කෞතුකාගාරය ඉදිරිපිට පිහිටි ගොඩනැගිල්ලක 5 වන මහලේ මෙම ගින්න හට ගෙන ඇති බවයි ගිනි නිවීමේ ඒකකය වැඩිදුරටත් සඳහන් කළේ.
