Gossips

පෑලියගොඩ නේවාසිකාගාරයක සිදුවූ අනතුරකින් කාන්තාවක් මරුට

පෑලියගොඩ නේවාසිකාගාරයකදී සිදුවූ අනතුරකින් අනුරාධපුර ප්‍රදේශයේ කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අනුරාධපුර – ශාවස්තිපුර – ආලන්කුලම ප්‍රදේශයේ පදිංචි ඇය රැකියාවක් සදහා පෑලියගොඩට පැමිණ ඇති අතර, ඇය නේවාසිකාගාරයේ නාන කාමරය තුලදී ඇද වැටී සිදුවූ අනතුරකින් මෙම මරණය සිදුව ඇති බවයි පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වී ඇත්තේ.
41 හැවිරිදි ඇය පසුගිය බදාදා මෙම හදිසි අනතුරට මුහුණදී ඇත්තේ ඇයගේ අනියම් සැමියා සමග නේවාසිකාගාරයේ රැදී සිටියදීයි.
ඇය රෝහල් ගත කිරීමෙන් පසු ඔහු පලාගොස් ඇති අතර, ඔවුන් පැමිණි ත්‍රිරෝද රථය පිළිබද තොරතුරු සොයා ගත් පොලීසිය ඒ සම්බන්ධයෙන් ඔහුගෙන් ද ප්‍රකාශයක් සටහන් කරගෙන තිබුණා.