පෑලියගොඩ – දුටුගැමුණු මාවතේ පිහිටි කර්මාන්තශාලා භූමියක තිබී මිනිස් හිසක් සොයාගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ඊයේ හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරකට අනුව මෙම හිස සොයාගත් බවයි.
ඒ අනුව අලූත්කඬේ මහේස්ත්‍රාත් අධිකරණයට ඒ පිළිබඳව කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයට යොමුකර තිබෙනවා.
