Gossips

පෑලියගොඩ අවට මාර්ග කිහිපයක දැඩි රථ වාහන තදබදයක්

කොළඹ වරායෙන් කන්ටේනර් විශාල සංඛ්‍යාවක් එකවර පිටව යාමත් සමඟ පෑලියගොඩ සහ ඒ අවට මාර්ග කිහිපයක දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ 4 කණුව, පෑලියගොඩ, අලූත් පාලම, ඉඟුරුකඬේ හන්දිය සහ සුගතදාස ක්‍රීඩාංගණය අවට මාර්ගවල මේ වන විට දැඩි රථ වාහන තදබදයක් පවතින බවයි.
පසුගිය දිනවල ක්‍රියාත්මක වූ රේගු වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් නිශ්කාෂනය පමා වූ මෙම කන්ටේනර් රථ කොළඹ වරාය තුළ රඳවා තිබූ බව සඳහන්.