Gossips

පෑලියගොඩින් සහ වැලිකඩින් හෙරොයින් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

පෑලියගොඩ සහ වැලිකඩ ප්‍රදේශවල හෙරොයින් ජාවාරමේ නිරතවූ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බස්නාහිර පළාත් දිසා අපරාධ කොට්ඨාශය පෑලියගොඩ – අනූවවත්ත ප්‍රදේශයේදී ඊයේ එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් අතර, එම අවස්ථාවේ ඔහු සතුව තිබූ හෙරොයින් ග්‍රෑම් 15 යි මිලිග්‍රෑම් 200 ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
මේ අතර වැලිකඩ – මාළිගාපාර ප්‍රදේශයේදී තවත් පුද්ගලයෙකු හෙරොයින් ග්‍රෑම් 10 යි මිලිග්‍රෑම් 760 ක් සමඟ අත්අඩංගුවට ගනු ලැබුවේ බස්නාහිර පළාත් දූෂණ මර්දන අංශයේ නිලධාරීන් සිදුකළ වැටලීමකදියි.