Gossips

පෑලියගොඩින් කටුනායක අධිවේගී මාර්ගයට පිවිසීම තාවකාලිකව අත්හිටුවයි

නව කැලණි පාලමේ ඉදිකිරීම් කටයුතු සඳහා පෑලියගොඩ වටරවුම අසලින් කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයට පිවිසීම සඳහා භාවිත කරන පිවිසුම් මාර්ගය අනිද්දා සිට මේ මස 20 වනදා දක්වා තාවකාලිකව වසා දැමෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ එම කාලසීමාව තුළ රියදුරන් විකල්ප මාර්ග භාවිත කළ යුතු බවයි.
ඒ අනුව පෑලියගොඩ වටරවුම අසලින් අධිවේගී මාර්ගයට ඇතුලූවීම සඳහා පැමිණෙන වාහනවලට කොළඹ – මීගමුව මාර්ගයේ ඇති පිිවිසුම ඔස්සේ අධිවේගී මාර්ගයට පැමිණිය හැකියි.
එමෙන්ම කොළඹ – නුවර මාර්ගයේ තොරණ හන්දියේ ඇති පිවිසුම ඔස්සේද අධිවේගී මාර්ගයට පිවිසිය හැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.