Gossips

පෑලියගොඩදී ත්‍රි රෝද රථයක් පැහැරගන්නා ආකාරය CCTV කැමරාවක සටහන් වෙයි

පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ නවතා තිබු ත්‍රි රෝද රථයක් පැහැරගෙන ගිය පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙක්.
ඊයේ (30) පැහැර ගත් ත්‍රි රෝද රථය සැකකරු මාළිගාවත්ත ප්‍රදේශයේ යකඩ බඩු විකුණ ස්ථානයකට විකුණා ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
අත්අඩංගුවට ගත් සැකකරු අද දින අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බවයි වාර්තා වන්නේ.
මේ අතර,සැකකරු විසින් ත්‍රි රෝද රථය පැහැරගන්නා ආකාරය පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ සවිකර තිබු CCTV කැමරා පද්ධතියේ මෙලෙස සටහන් වී තිබුණා.