Gossips

පෑලියගොඩට මත්ද්‍රව්‍ය බෙදූ ගිහාන් අත්අඩංගුවට

පෑලියගොඩ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවූ ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ගිහාන් සඳරුවන් පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
26 හැවිරිදි සැකකරු අත්අඩංගුට ගන්නා අවස්ථාවේ ඔහු ළඟ තිබී හෙරොයින් ග්‍රෑම් 5 ක් සහ ජීව අත් බෝම්බයක් පොලිස් භාරයට ගෙන ඇති බව සදහන්.
මෙම සැකකරු විශේෂ කාර්ය බලකාය සමඟ පසුගියදා සිදුවූ වෙඩි හුවමාරුවකදී ඩී.මංජු නැමති සංවිධානාත්මක අපරාධකරුගේ ප්‍රතිවිරුද්ධ කණ්ඩායම මෙහෙයවූ පුද්ගලයා බවයි පොලිස් මධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර කියා සිටියේ.
අත්අඩංගුවට පත්වූ ගිහාන් සඳරුවන්, පසුගිය දා වෙඩි තබා ඝාතනය කරන ලද නාගරික මන්ත්‍රී ශ්‍යාමෙල් සඳරුවන්ගේ සහෝදරයා ද වනවා.