වත්මන් ආණ්ඩුවේ ආයු කාලය තවත් සති තුනකින් අවසන් වන බව ඒකාබද්ධ විපක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන පවසනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්ගේ නිවසේ ඊයේ පස්වරුවේ පැවති විශේෂ සාකච්ජාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.
