ජනතාව මුහුණ පා ඇති ගැටළුකාරී තත්ත්වය සහ ආර්ථිකයේ කඩා වැටීම, පැවති පාලනය මෙන්ම වත්මන් පාලනය තම බලය තහවුරු කර ගැනීමට භාවිතා කරන බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා.
කොළඹ පිහිටි සිය පක්ෂ කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මේ බව කියා සිටියා.
