Gossips

පැවති රජය රටේ ආරක්ෂාව ගැන අවබෝධයකින් කටයුතු නොකළ බව හිටපු ආරක්ෂක ලේකම් කියයි

පැවති රජය රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් නිසි අවබෝධයකින් කටයුතු නොකළ බවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා.
නාරාහේන්පිට අභයාරාමයේ පැවති උත්සවයකින් අනතුරුව ඒ මෙම අදහස් පලකළා.
ආචාර්ය පියසේන රතුවිතාන ජ්‍යෙතීර් විද්‍යා පීඨයේ සහතික පත් ප්‍රදානෝත්සවය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රදානත්වයෙන් අද (09)නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේදී පැවැත්වුණා.