Gossips

පැල්වත්ත සීනි කර්මාන්ත ශාලාවේ ගින්නක්

පැල්වත්ත සීනි කර්මාන්ත ශාලාවේ අද හදිසි ගින්නක් හට ගෙන තිබෙනවා.
සීනි පැණි කැට බවට පත් කර අවසන් නිෂ්පාදනය දක්වා වූ සැකසුම් යන්ත්‍ර පිහිටි කොටසේ මෙම ගින්න හට ගෙන තිබූ බවයි හිරු ප්‍රාදේශිය වාර්තාකරු සදහන් කළේ.
පසුව ගින්න මැඩපවත්වා ඇති අතර, ගින්නෙන් කර්මාන්තශාලාවේ උපකරණ රැසක් විනාශයට පත්ව ඇති බව සදහන්.