Gossips

පැල්මඩුල්ලේ රිය අනතුරකින් විශ්වවිද්‍යාල සිසුවෙකුගේ අත ශරීරයෙන් වෙන්වෙයි

රත්නපුර – පැල්මඩුල්ල – සන්නස්ගම ප්‍රදේශයේදී අද (03) සිදුවූ රිය අනතුරකින් විශ්වවිද්‍යාල සිසුවෙකුගේ දකුණු අත ශරීරයෙන් සම්පූර්ණයෙන්ම වෙන්වී ගැලවී ගොස් තිබෙනවා.
කොළඹ සිට බිබිල දක්වා ගමන් කළ ශ්‍රී ලංගම බස් රථයක ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ටිපර් රථයක් ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.
අනතුර වන අවස්ථාවේදී බස් රථයෙහි පිටුපස අසුනේ ගමන් කළ මෙම සිසුවා සිය දකුණු අතෙහි කොටසක් පිටතට වන්නට තිබී ඇති බව ද වාර්තා වනවා.
පසුව මෙම සිසුවාගේ අත ටිපර් රථයේ ගැටී ඇති අතර, එම අවස්ථාවේදී අත කඳින් වෙන්ව ගොස් ඇත්තේ.
පසුව බස් රථයේ සිටි මගීන් මෙම සිසුවාගේ අත අයිස් පිරවූ බෑගයක දමා සිසුවා ද සමඟ රත්නපුර රෝහලට රැගෙන ගොස් තිබෙනවා.
ඉන් අනතුරුව සරසවි සිසුවා කොළඹ ජාතික රෝහලට මාරු කර යැවීමට පියවර ගත් බවයි පොලීසිය සඳහන් කළේ.
සිසුවාගේ වෙන් වූ අත බද්ද කිරීම සඳහා ශල්‍යකර්මයක් සිදුකෙරෙන බවයි කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ සබරගමුව විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලබන කිතුල්ගොඩ – අගලවත්ත ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි සිසුවෙක්.