Gossips

පැලකින් හමුවූ අභිරහස් ලෙස මියගිය පුද්ගලයා (ඡායාරූප)

ගල්කිරියාගම, බණ්ඩාරපොතාන ප්‍රදේශයේදී අභිරහස් ලෙස මියගිය පුද්ගයකුගේ මළ සිරුරක් ගල්කිරියාගම පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
අද (03) පෙරවරුවේ පොලිසියට ලද තොරතුක් මත කුඹුරක පැලක් තුල තිබී මෙම මළ සිරුර සොයාගෙන ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.
මෙලෙස මියගොස් ඇත්තේ පුබ්බෝගම, බණ්ඩාරපොතාන ප්‍රදේශයේ පදිංචිව සිටි 41 හැවිරිදි දෙදරු පියෙක්.
මෙම තැනැත්තා ඊයේ (02) රාත්‍රියේ තම නිවස ආසන්නයේ පිහිටි වෙනත් පුද්ගලයකුට අයත් කුඹුරක ඇති පැලට නිදාගැනීමට ගොස් ඇති බවට තොරතුරු වාර්තා වනවා.
පසුව අද (03) උදෑසන බලනවිට එම තැනැත්තා පැල තුල මියගොස් සිටියදී හමුව තිබෙනවා.
මියගිය පුද්ගලයාගේ සිරුරේ ස්ථාන කිහිපයක සුළු තුවාල කිහිපයක් ද දක්නට ඇති අතර ඔහු දැඩි ලෙස මත්පැන් පානයට ඇබ්බැහිව සිටි පුද්ගලකු බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
අනුරාධපුර පොලිසිය විසින් මෙම සැකකටයුතු මරණය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන අතර පශ්චාත්මරණ පරීක්ෂණය සදහා මළ සිරුර අනුරාධපුර මහරෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමු කිරීමට කැකිරාව වැඩබලන මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

ඡායාරූප – කැකිරාව, කුෂාන් ජයවර්ධන