Gossips

පැරිසියේ යළිත් ත්‍රස්ත ප්‍රහාරයක්

ප්‍රංශයේ පැරිස් නුවර ප්‍රධාන ඔපෙරා රඟහල අසළ වීථියකදී ත්‍රස්ත සැකකරුවෙකු එල්ල කළ පිහි ප්‍රහාරයකින් එක් අයෙකු මියගොස් හතරදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
සැකකරු පසුව ප්‍රංශ පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වුණා.
පැරිසියේ අවන්හල් සහ සිනමාහල් පිහිටි සුප්‍රකට ප්‍රදේශයකදියි ඊයේ (12) රාත්‍රියේ මෙම ප්‍රහාරය එල්ලවී ඇත්තේ.
ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් ප්‍රකාශ කළේ ප්‍රංශයට යළිත් ලෙයින් වන්දි ගෙවීමට සිදුව ඇති බවයි.
ප්‍රහාරයේ වගකීම අයි.එස්. සංවිධානය විසින් පිළිගෙන ඇති අතර, ප්‍රංශයේ මෙවැනි ත්‍රස්ත ප්‍රහාරවලින් පසුගිය තුන්වසර තුළ මියගිය සංඛ්‍යාව 245 දක්වා ඉහළ යනවා.