Gossips

පැරිසියේ නැවතත් විරෝධතා

ප්‍රංශ රජයට එරෙහිව එරට කහ බැනියම් ව්‍යාපාරය ඊයේ නැවතත් පැරිස් නුවර වීථිවලට පිවිසුණු අතර, ඔවුන් පොලීසිය හා ගැටුනු බව විදෙස් වාර්තා සඳහන් කළා.
දහස් සංඛ්‍යාත පිරිසක් එලෙස ඊයේ දිනයේ පැරිස් නගර මධ්‍යයට රොක්වූයේ පොලීසිය දැඩි රැකවල් යොදා තිබියදියි.
ගල්මුල්වලින් ප්‍රහාර එල්ල කළ විරෝධතාකරුවන්ට පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
ඉන්ධන බද්දට එරෙහිව පසුගිය නොවැම්බර් 17 වනදා ආරම්භ වූ විරෝධතා රැල්ලයි මෙලෙස සෑම සති අන්තයකම ආණ්ඩු විරෝධී උද්ඝෝෂන ලෙස ක්‍රියාත්මක වන්නේ.