Gossips

පැරිසියේ ඉන්ධන විරෝධතාවට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර

ඉහළ යන ඉන්ධන මිලට එරෙහිව පැරිස් නුවර පැවති විරෝධතාවලදී පොලීසියට පහරදුන් විරෝධතාකරුවන් ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන්ගේ දැඩි විචේචනයට ලක්වුණා.
ඔහු කියා සිටියේ ප්‍රංශයේ ප්‍රචන්ඩත්වයට ඉඩක් ලබාදිය නොහැකි බවයි.
පැරිස් නගර මධ්‍යයේ සුප්‍රකට ෂාම්ප්ස් – එලිසී වීථිය ඔස්සේ ඉදිරියට ඇදුණු විරෝධතාකරුවන්ට පොලීසිය ඊයේ කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක්ද එල්ල කළා.
ඊයේ විරෝධතා පැවැත්වුණේ මීට සතියකට පෙර ඇරඹුණු විරෝධතා මාලාවේ දෙවන පියවර ලෙසයි.
විශේෂයෙන් ඞීසල් මිල ඉහළ යාම නිසා ප්‍රංශයේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවන වියදම ඉහළ යාම මෙම විරෝධතාවලට ප්‍රධාන හේතුව ලෙස සැළකෙනවා.
ඊයේ දිනයේදී ප්‍රංශය පුරා විරෝධතා රැළි 1600 ක් පමණ පැවති අතර, ඊට සහභාගිවූ සංඛ්‍යාව ලක්ෂයකට අධිකයි.
බොහොමයක් විරෝධතා සාමාකමීව අවසන් වූ අතර, 8,000 කට වැඩි පිරිසක් එක්වූ පැරිස් විරෝධතාව පමණක් ප්‍රචන්ඩ ස්වරූපයක් ගත් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.