පසුගිය සති අන්තයේ පැරිස් නුවර පැවති කහ බැනියම් විරෝධතාවයේදී ඇති වූ ප්‍රචණ්ඩකාරී සිද්ධීන් හේතුවෙන් පැරිස් පොලිස් ප්‍රධානියා ඉවත් කිරීමට ප්‍රංශ බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
සෙනසුරාදා පැවති විරෝධතාවය පාලනය කිරීම සඳහා 5000ක පමණ පොලිස් භට පිරිසක් යොදවා තිබුණ ද විරෝධතාකරුවන් පැරීසියේ සුඛෝපභෝගී භාණ්ඩ අලෙවිසැල් කොල්ල කෑමටත්, ගිනි තැබීමටත් සමත් වුණා.
ප්‍රංශ අග්‍රාමාත්‍ය එඩුවාඩෝ ෆිලීපේ කියා සිටියේ එම සිද්ධීන්ට පොලීසිය ප්‍රතිචාර දැක්වූ ආකාරය පිළිබදව ජනාධිපති මැක්‍රොන් කරුණු විමසා ඇති බවයි.
ඒ අනුවයි පැරිස් පොලිස් ප්‍රධානියා වූ මිචෙල් ඩෙල්පියුච් තනතුරෙන් ඉවත් කර ඇත්තේ.
