ප්‍රංශයේ පැරිස් අගනුවර හතරවන සති අන්තයටත් ඊයේ ක්‍රියාත්මක වූ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ ප්රචන්ඩ ස්වරූපයක් ගත් අතර, පොලීසිය කඳුළු ගෑස්, ජල ප්‍රහාර මෙන්ම රබර් උණ්ඩ ප්‍රහාරයක්ද එල්ල කර තිබෙනවා.
ඉන්ධන බද්දට එරෙහිව ආරම්භ වී ආණ්ඩු විරෝධී උද්ඝෝෂණයක් බවට පත්වූ මෙම විරෝධතා සංවිධාන කරනු ලබන්නේ කහ බැනියම් ව්‍යාපාරය ලෙස හඳුන්වාගත් සංවිධානයක් විසින්.
ඊයේ දිනයේදීද ඔවුන් වාහන සහ ගොඩනැගිලි ගිනිබත් කරමින්, පොලීසිය හා ගැටුණු අතර, තුවාල ලැබූ 126 දෙනෙකු පැරිස් නුවර රෝහල්වලට ඇතුළත් කර තිබෙනවා.
පැරිස් අගනුවර ඇතුලූ ප්‍රංශය පුරා පැවති විරෝධතාවලදී අත්අඩංගුවට ගත් සංඛ්‍යාව දහසකට අධිකයි.