පැරසිටමෝල් පෙති ආහාරයට ගත් දරුවෙකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව අද (06) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මිය ගොස් ඇත්තේ මස්කෙලිය,නොටින්හැම් වතු යායේ පදිංචිව සිටි වයස අවුරුදු 04 හමාරක පිරිමි දරුවෙක්.
ටොෆී බව සිතමින් නිවසේ තිබු පැරසිටමෝල් පෙති මෙම දරුවා ආහාරයට ගනිමින් සිටියදී එය දුටු දරුවාගේ මව්පියන් දරුවා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරව වැඩිදුර ප්රතිකාර සඳහා දරුවා නාවලපිටිය මුලික රෝහලට මාරුකර යවා ඇති අතර එහි ප්රතිකාර ලබමින් සිටියදී දරුවා අද අලුයම මියගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මිය ගිය දරුවාගේ පශ්චාත් මරණ පරික්ෂණය නාවලපිටිය මුලික රෝහලේදී සිදුකිරීමට නියමිතයි.
ඡායාරූප – හැටන්, රංජිත් රාජපක්ෂ
