Gossips

පැරදුණු වැය ශීර්ෂ අද යළි මැතිසබයට

අයවැය කාරක සභා අවස්ථා විවාදයේ දී විපක්ෂය විසින් පරාජයට පත් කළ පාඨලී චම්පික රණවක සහ වජිර අබේවර්ධන යන අමාත්‍යවරුන්ගේ වැය ශීර්ෂ අද යළි පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට ඉදිරිපත් කරන බව සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළා.
පාර්ලිමේන්තුවේදී ඊයේ රැස්වූ පක්ෂ නායක රැස්වීමේදී ඒ පිළිබද දැනුම් දුන් බවයි හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ.
ඒ, සම්බන්ධයෙන් පක්ෂ නායක රැස්විමට එක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධනගෙන් සිදුකල විමසිමකදි ඔහු කියා සිටියේ වැය ශීර්ෂ යළි විවාදයට ගැනීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තුවේදී දැනුම් දුන් බවයි.
2019 – අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 17 වන දිනය අදයි. තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සහ කදුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ අද විවාදයට ගැනෙනවා.
ජාතික ඒකාබද්ධතා,රාජ්‍ය භාෂා,සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු සහ සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළද අමාත්‍යාංශයන් හි වැය ශිර්ෂ ඊයේ විවාදයට ගැනුණා.