Gossips

පැරණි සැළසුම අනූව සේරුවිල පූජා නගරය සංවර්ධනයට පියවර

සේරුවිල පූජා නගරයේ පැරණි සැළසුම අනූව එහි සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළකළේ අද සේරුවාවිල පැවති ආගමික වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
සේරුවිල පූජා නගරයට සංඝාවාස ගොඩනැගිල්ලක් සහ දානශාලාවක් පරිත්‍යාග කිරීම ඇතුළු තවත් ආගමික වැඩසටහන් කිහිපයක් අද සිදු කෙරුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.
මෙහිදී අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිසක් සේරුවාවිල පූජා නගරය නිරීක්ෂණය කිරීමද සිදු කෙරුණා.