Gossips

පැරණි යකඩ උණු කරන කර්මාන්ත ශාලාවක් නිසා ජනතාවට අපහසුතා

හලාවත මාදම්පේ ප්‍රදේශයේ නීති විරෝධීව පවත්වාගෙන යන පැරණි යකඩ උණු කිරීමේ කර්මාන්ත ශාලාවක් හේතුවෙන් වසර 15 කට අධික කාලයක් පුරා ප්‍රදේශයේ ජනතාව දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දී සිටිනවා.
අද හිරු සී.අයි.ඒ හෙලිදරව්ව ඒ පිළිබඳවයි.
හලාවත මාදම්පේ සුදුවැල්ල ප්‍රදේශයේ අහස මෙලෙස කළු දුමාරයන් නිරන්තරයෙන් වැසී යන්නේ ඉන්දියානුවෙකුට අයත් පැරණි යකඩ උණු කරනා කර්මාන්ත ශාලාවකින් නිකුත් කෙරෙනා දුමාරය හේතුවෙන්.
දුමාරයත් සමග පරිසරයට මුසු වන කුඩා කළු පැහැති දුහුවිල්ලෙන් සුදුවැල්ල ජනතාව පීඩාවට පත් කරන්නේ වසර ගණනාවක සිටයි.