Gossips

පැරණි ක්‍රමයට හෝ පළාත් සභා ඡන්දය පවත්වන්න – කොමිසමේ සභාපති සූදානම්

වසරකට වැඩි කාලයක් පමාවී ඇති පළාත් සභා මැතිවරණ මිශ්‍ර ක්‍රමය යටතේ පැවැත්වීම දුෂ්කර වී ඇති නිසා පැරණි ක්‍රමයට හෝ එය පැවැත්වීමට කටයුතු කළ යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා.
හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ ඒ සඳහා පාර්ලිමේන්තුවට හැකියාවක් පවතින බවයි.
පැරණි ක්‍රමයට පැවැත්වීම සඳහා පාර්ලිමේන්තුව එකඟත්වයකට පැමිණෙන්නේ නම් අප්‍රේල් මස 30 වනදාට ප්‍රථම මැතිවරණය පැවැත්විය හැකි බවද එහිදී ඔහු සඳහන් කළා.
පැරණි ක්‍රමය යටතේ පළාත් සභා මැතිවරණ පැවැත්වීමට පාර්ලිමේන්තුවේ මන්ත්‍ර‍්‍රීවරුන් 200කට වැඩි පිරිසක් කැමැත්ත පළ කරන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ අදහසයි.
ඒ සඳහා කටයුතු කළ හැකි ආකාරය ඔහු පැහැදිළි කළේ මෙලෙසින්.