Gossips

පැරණි ක්‍රමයට ඡන්දය පැවැත්වීමට, විපක්ෂ නායකගේ එකඟත්වය

ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් පැරණි ක්‍රමයට හෝ ඡන්දය පැවැත්වීමට එකඟත්වය පළ කරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.
ඒ, විජේරාම නිල නිවසේදී සත්‍ය ගවේශකයෝ සංවිධානයේ නියෝජිතයන් පිරිසක් ඊයේ පස්වරුවේ විපක්ෂ නායකවරයා හමුවූ අවස්ථාවේදියි.
එහිදී ඔහු කියා සිටියේ නිසි කලට ඡන්ද පවත්වන බවට ප්‍රකාශ කරමින් බලයට පැමිණි ආණ්ඩුවම මැතිවරණ කල් දැමීමට ක්‍රියාකිරීම ජනතා බලාපොරොත්තු සුන් කර දැමීමක් බවයි.
සත්‍ය ගවේශකයෝ සංවිධානය පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබෙනවා.
ඒ පිළිබඳ දැනුම්වත් කිරීමට සහ සහය ලබාගැනීම සඳහා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ හමුවූ බවයි විපක්ෂ නායක කාර්යාලය නිවේදනය කළේ.
සත්‍ය ගවේශකයෝ සංවිධානයේ නියෝජිතයින් අදාළ පෙත්සමේ ලිපි ගොනුවක්ද එහිදී විපක්ෂ නායකවරයා වෙත ඊයේ ඉදිරිපත් කර තිබෙනවා.