Gossips

පැය 48 දුම්රිය වර්ජනය ඇරඹේ

දුම්රිය තාක්ෂණ සේවා වෘත්තීය සමිති කමිටුව අද පස්වරු හතරේ සිට සංකේත වර්ජනයක් ආරම්භ කළා.
මේ හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා මතුවිය හැකි බවයි වෘත්තිය සමිති ප්‍රකාශ කළේ.
පැය 48 ක් වර්ජනය ක්‍රියාත්මක බව දුම්රිය තාක්ෂණ සේවා වෘත්තීය සමිති කමිටුවේ සභාපති සම්පත් රාජිත කියා සිටියා.
දුම්රිය සේවාවේ ශ්‍රේණි කිහිපයක ඉහළ දැමූ වැටුපට සාපේක්ෂව අනෙකුත් සේවක වැටුප් ඉහළ දැමීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමිනුයි ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමට තීරණය කර ඇත්තේ.
මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ කියා සිටියේ වර්ජනය ක්‍රියාත්මක වුවද හෙට පෙරවරුවේ සියලූ කාර්යාල දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙන බවයි.
කෙසේ වෙතත් වර්ජනය හේතුවෙන් මේ වනවිටත් දුම්රිය රැසක් ප්‍රමාද වී ධාවනය වන බව පාලක මැදිරිය ප්‍රකාශ කළා.
මේ අතර, ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ සඳහන් කළේ අද දිනයේ සියලූම දුම්රිය සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරීමට කටයුතු කර ඇති බවයි.