Gossips

පැය 48ක් ගත වුවත් වව්නියාවේ දරුවා අතුරුදන්

වව්නියාව – ගුඩ්ෂෙඩ් මාර්ගයේ පළමු හරස් විථීයේදී නිවසක සිටියදී පැහැර ගත් මාස 8 ක බිළිදා පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණ වී නැහැ.
පොලීසිය සඳහන් කළේ විශේෂ පරීක්ෂණ කණ්ඩායම් 3ක් යටතේ ඊට අදාළ පරීක්ෂණ සිදුකරන බවයි.
දරුවාගේ මව පවසන පරිදි බිළිදා පැහැරගත් බවට සැකකෙරෙන පියා, හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු වන අතර, ඔහු මේ වන විට එංගලන්තයේ පදිංචිව සිටිනවා.
මේ වනවිට ඔහු වෙනත් කාන්තාවක් සමග ලන්ඩනයේ ජීවත් වන බවටයි තොරතුරු ලැබී ඇත්තේ.
ඊයේ අලූයම මෙම පැහැර ගැනීම සිදුකර තිබුණේ වෑන් රථයකින් පැමිණි පුද්ගලයන් තුන්දෙනෙක්.
මෙම අවස්ථාවේ දරුවාගේ මව සහ මිත්තණිය නිදා සිට ඇති අතර, මවගේ සහෝදරියකට දරුවා පැහැර ගෙන යන වාහනයේ හඩ ඇසී ඇති බවයි පොලීසිය සදහන් කළේ.
ඊයේ අලූයම 2 යි 10ට පමණ ලන්ඩනයේ සිටින බිළිදාගේ පියා තමන්ට දුරකථන ඇමතුමක් ලබාදුන් බව ද බිළිදාගේ මව හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළා.